Mr.-Abdul-Raheem-Consul-Commercial-delivering-opening-remarks

2018 ෆයින් ෆුඩ් ප්‍රදර්ශනය සඳහා සහභාගී වන පොල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනකරුවන් සඳහා ශ්‍රී ලංකා පොල් සංවර්ධන අධිකාරිය, ශ්‍රී ලංකා කොන්සාල් ජනරාල් කාර්යාලය සමඟින් එක්ව 2018 සැප්තැම්බර් මස 11 දින මෙල්බර්න් හි දී උදෑසන රැස්වීමක් පවත්වන ලදී. දැනට ,එල්බර්න්හි පැවැත්වෙන මෙම ප්‍රදර්ශනය ඕස්ට්‍රේලියාවේ ව්‍යාපාර පාර්ශවකරුවන් හා ගැනුම්කරුවන් සමඟින් ශ්‍රී ලංකාවේ පොල් ආශ්‍රිත නිෂ්පාදන සම්බන්ධකොට ප්‍රවර්ධනය කරනු ඇත.

සිඩ්නි හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලයේ කොන්සල් (වාණිජ ) වන අබ්දුල් රහීම් මහතා විසින් සිටියේ ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර ද්වීපාර්ශවීය වෙළඳාම සහ ආයෝජනය වර්ධනය කිරීමේ වැදගත්කමත් දෙරටම අන්‍යෝන්‍ය ප්‍රතිලාභ ලඟාකරගැනීමේ දී පෞද්ගලික අංශය සහ කර්මාන්ත පාර්ශවයන් ගේ ප්‍රධාන භූමිකාව පිළිබඳවත් අරම්භක අවස්ථාවේ කියා සිටින ලදී.  

කොන්සල් ජනරාල් ඩබ්.ජී. එස්. ප්‍රසන්න මහතා පිළිගැනීමේ කතාව කරමින් පොල් පදනම් කරගත් නිෂ්පාදන ඕස්ට්‍රේලියාවතුල ප්‍රවර්ධනය කිරීම සඳහා පොල් සංවර්ධන අධිකාරිය විසින් සිදුකර ඇති ක්‍රියාමාර්ග අගය කරන ලදී. ඒ මහතා තවදුරටත් ශ්‍රී ලංකාව හා ඕස්ට්‍රේලියාව අතර දිගු කලක සිට නොනැසී පැවතෙන සහසම්බන්ධතාවයේ නිහඩ දශාව පිළිබඳ කියා සිටියේ ය. එමෙන්ම අන්‍යොන්‍ය ප්‍රතිලාභ ලැබෙන සම්බන්ධතාවයක් ගොඩනැගිය හැකිවන ප්‍රාග්ධනය යොදවන ලෙස කර්මාන්ත හවුල්කරුවන් වෙතින් ඔහු ඉල්ලා සිටින් ලද අතරපොල් නිෂ්පාදන සඳහා විභවීය ක්ෂේත්‍ර පිළිබඳව ද ප්‍රකාශ කරන ලදී.

පොල් සංවර්ධන අධිකාරියෙහි අලෙවිකරන සංවර්ධන සහ පර්යේෂණ අධ්‍යක්ෂ සම්පත් සමරවික්‍රම මහතා විසින් ශ්‍රී ලංකාවේ පොල් කර්මාන්තය පිළිබඳ සමාලෝචනයක් සභාව වෙත ඉදිරිපත් කරන ලද අතර, ව්‍යාපාරික ප්‍රවර්ධනයන් උදෙසා වත්මන් වර්ධනයන්, නැඹුරුතාවය සහ විභවීය ක්ෂේත්‍රයන් පිළිබඳව හඳුන්වා දෙන ලදී. එතුමාගේ සවිස්තරාත්මක ඉදිරිපත්කිරීම ශ්‍රී ලංකාවේ විශාල ලෙස නිපදවෙන විවිධ පොල් පදනම් කරගත් නිෂ්පදන සහ එවාගේ ලොව පුරා ව්‍යාපත් අවීම පිළිබඳව දැනගැනීමේ අවස්ථාවක් විය.

මා'ස් ට්‍රොපිකල් ෆුඩ් සභාපති මාරියෝද අල්විස් මෙනවිය සහ සීබීල් නැචුරල් ෆුඩ් පෞද්ගලික සමාගමේ කළමණාකාර අධ්‍යක්ෂ ඇන්ස් ජුනයිඩ් විසින් උද්යෝගිමත් ප්‍රශ්න සහ පිළිතුරු වටය මෙහෙයවන ලදී.

වෙළඳ ව්‍යාපාරික සහ ආයෝජන අවස්ථා ලබගැනෙමට සහ සාකච්චා කිරීමට 60 දෙනෙකුට අධික පිරිසකට මෙම වැඩසටහන මඟින් අවස්ථාව සැලසිණි.

වික්ටෝරියා ප්‍රාන්ත රාජ්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රීන් මෙන්ම

මෙල්බර්න් නගර සභාවේ බෙවර්ලි පෙන්ඩ්රෝ මෝටිමර් මන්ත්‍රී වන ගරු ජූඩ් පෙරෙරා සහ ගරු ක්‍රේග් ඔන්ඩාචි, ඉන්දියාව සහ දකුණු ආසියා කලාපීය වෙළඳාම පිළිබඳ වික්ටෝරියානු ප්‍රාන්ත රජයේ විශේෂඥ ජේම්ස් එඩ්වඩ් මහතා සහ ඕස්ට්‍රේලියානු අපනයන සභාවේ වික්ටෝරියා ප්‍රාන්ත කළමණාකාර නීල්ස් ස්ට්‍රාස්ඩින්ස් මහතා මේ සඳහා සහභාගී විය.

2018 සැප්තැම්බර් 11

Latest News

The Embassy of Sri Lanka in Turkey Host Networking Reception to Boost B2B Contact between Sri Lanka –Turkey Travel Agents

The Embassy of Sri Lanka in Turkey Host...

නොවැම්බර් 25 2019
Sri Lanka awarded as “A Place Of Charm That Works Towards The Future” at IVIAGGIATORI in Switzerland in November 2019

Sri Lanka awarded as “A Place Of Charm...

නොවැම්බර් 18 2019
සියලුම පුවත් මෙතැනින්