දකුණු ආසියානු කලාපීය සහයෝගිතා සංගමය (SAARC) 1985 දී පිහිටුවාගන්නා ලදී. සාර්ක් හි සාමාජික රටවල් වන්නේ ඇෆ්ගනිස්ථානය, බංගලාදේශය, භූතානය, ඉන්දියාව, මාලදිවයින, නේපාලය, පකිස්ථානය සහ ශ්‍රී ලංකාවයි. 2007 අප්‍රේල් මස නව දිල්ලියෙහි පවත්වන ලද 14 වන සාර්ක් සමුළුවෙහි දී ඒකාබද්ධ ප්‍රකාශයකට අත්සන්තැබීමෙන් පසු අෆ්ගනිස්ථානය එහි 8 වන සාමාජිකයා බවට පත් විය.

සාර්ක් වරණීය වෙළඳ ගිවිසුම (SAPTA) 1993 අප්‍රේල් මස අත්සන් තබන ලදුව 1995 දෙසැම්බර් මස සිට බලාත්මක කොට ක්‍රියාත්මක විය. සාමාජික රටවල් අතර බදු සහනයන් හුවමරු කරගැනීම තුලින් අන්‍යොන්‍ය වෙළඳාම සහ ආර්ථික සහයෝගීතාවය ප්‍රවර්ධනය කිරීම SAPTA හි අරමුණ වේ.

කෙසේවුවත්, වරණීය වෙළඳ ගිවිසුමෙන් ඔබ්බෙහි වර්ධනයක් ඇති කරගැනීමේ සහ කලාපය තුල වඩාත් ඉහළ මට්ටමේ ආර්ථික සහයෝගීතාවයක් ලබා ගැනීමේ අවශ්‍යතාවය සාමාජික රටවල් විසින් හඳුනාගන්නා ලදී. එහි ප්‍රථිඵලයක් වශයෙන් සාර්ක් අමාත්‍ය මණ්ඩලය විසින් දකුණු ආසියානු නිදහස් වෙළඳ ගිවිසුම (SAFTA) නමින් සැකිලි ගිවිසුමක් 2004 ජනවාරි මස ඉස්ලාමාබද් හි අත්සන් තබන ලදී. SAFTA 2006 ජනවාරි මස සිට බලාත්මකව ක්‍රියාත්මක කරන ලදී.

SAFTA යටතේ වෙළඳාම ලිහිල්කරණ වැඩසටහනෙහි (TLP) අදියර I  2006 ජූලි මස 1 වන දින සිට ක්‍රියාත්මක කරනු ලැබ ඇති අතර එය 2015 දෙසැම්බර් මස 31 වන දින වනවිට සම්පූර්ණ කිරීමට නියමිතය.වෙළඳාම ලිහිල්කරණ වැඩසටහන (අදියර I) යටතේ සාමාජික රටවල සෘණ ලැයිස්තුව පහත පරිදි වේ.

සාමාජික රට සංවේදී ලැයිස්තුවේ ඇති නිෂ්පාදන ගණන (අදියර I TLP )
ඇෆ්ගනිස්ථානය 1072
බංගලාදේශය 1233 (LDCs)
1241 (NLDCs)
භූතානය 150
ඉන්දියාව 480 (LDCs)
868 (NLDCs)
මාලදිවයින 681
නේපාලය 1257 (LDCs)
1295 (NLDCs)
පකිස්ථානය 1169
ශ්‍රී ලංකාව 1042

2014 ජනවාරි මස 1 දින සිට අදියර II (TLP) ක්‍රියාත්මක කරන ලද අතර ප්‍රතිශෝධිත සෘණ ලැයිස්තුව පහත පරිදි වේ

සාමාජික රට 2007 HS අනුව ප්‍රතිශෝධිත සංවේදී ලැයිස්තුවෙහි නිෂ්පාදන ගණන (අදියර -II TLP)
ඇෆ්ගනිස්ථානය 858
බංගලාදේශය 987 (LDCs)
993 (NLDCs)
භූතානය 156
ඉන්දියාව 25(LDCs)
614 (NLDCs)
මාලදිවයින 154
නේපාලය 998 (LDCs)
1036 (NLDCs)
පකිස්ථානය 936
ශ්‍රී ලංකාව 837 (LDCs)
963 (LDCs)