Showcasing Sri Lankan culinary excellence at the Embassy Chef Challenge in Washington DC
Brief Report on “Sri Lanka Beyond Your Dreams” held on 08th March 2024, Hilton Hotel, Dubai, UAE
Towards a digital Sri Lanka: Sri Lankan Embassy in Washington DC hosts an interactive discussion
Sri Lanka Tourism shines bright in Tunisia
Sri Lanka Thailand Free Trade Agreement (SLTFTA )
Sri Lanka Tourism Promotion event in Alexandria Governorate
SRI LANKA SHINES BRIGHT AT VIETNAM EXPO 2023: INNOVATIVE APPROACH FOR FUTURE COLLABORATION
The Embassy of Sri Lanka in Viet Nam participates in the International Food Festival 2023
Products of Sri Lankan SMEs enthrall and fascinate Vietnamese in Ha Noi

Latest News

සියලුම පුවත් මෙතැනින්

දැක්ම

"ජාත්‍යන්තර වෙළඳ සම්බන්ධතා තුළින් ජනතාවගේ ජීවන තත්වය උසස් කිරීම"

මෙහෙවර

“සමස්ත නිෂ්පාදන, ආදායම් සහ සේවා නියුක්තිය දියුණු කිරීම තුළින් ජීවන තත්ත්වය නංවාලීම සහ ඉහළ ජීවන තත්ත්වයක් ළඟාකර ගැනීම මගින් ශ්‍රී ලංකාවේ සමස්ත ආර්ථික වර්ධනය සඳහා ක්‍රියාකාරී ලෙස දායකත්වය ලබාදීමේ අරමුණින් යුතුව, රජයේ වෙළඳ ප්‍රතිපත්ති ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීම මගින් ශ්‍රී ලංකාවේ විදේශ වෙළඳ සම්බන්ධතා ද්විපාර්ශ්වික, කලාපීය සහ බහුපාර්ශ්වික මට්ටම්වලින් සංවර්ධනය කිරීම සහ ප්‍රවර්ධනය කිරීම.”

This page is under constructions

පුස්තකාලය හා WTO මධ්‍යස්ථානය වෙත යාම හෝ එයින් සැපයෙන සේවාවන් භාවිතා කිරීම සඳහා විශේෂ කොන්දේසි තිබේද?

විශේෂ කොන්දේසි කිසිවක් නැත. අමුත්තන් හා භාවිතා කරන්නන් තමන්ගේ අනන්‍යතාව දැක්වීමත් කෙටි විමසීම් ආකෘති පත්‍රයක් සම්පූර්ණ කිරීමත් පමණක් අවශ්‍ය වේ.

නේවාසික වීසා බලපත්‍ර සඳහා අයදුම් කළ යුත්තේ කවුද ?

පහත සඳහන් තැනැත්තන් ශ්‍රී ලංකා රජය වෙතින් නේවාසික වීසා බලපත්‍ර ලබාගැනීමට සුදුසුකම් ලබයි

  • සම්බන්ධීකරණ කාර්යාලයක නේවාසික නියෝජිත
  • ශාඛා නිලධාරී
  • කොන්ත්‍රාත් සේවකයන්, අපනයන හා ආනයන නියෝජිතයන්, විහේෂඥයන් හා ප්‍රවීණයන් වැනි අනෙකුත් කාණ්ඩ, පොදු තක්සේරු නිර්ණායකවලට යටත්ව එකින් එක සලකා බැලීමේ පදනමින් තීරණය කෙරෙනු ඇත.

නේවාසික වීසා බලපත්‍රය ලබාගැනීම සඳහා ඉදිරිපත් කළ යුතු සහායක ලේඛන මොනවාද?

ඉදිරිපත් කළ යුතු සහායක ලේඛන ලැයිස්තුවක් වෙබ් අඩවියෙන් බාගත කළ හැකිය. අයදුම්කරු නේවාසික වීසා බලපත්‍ර ආකෘති පත්‍ර 1 හා සමග සාධාරණීකරණ ලිපියක් හා සම්පූර්ණ කරන ලද ජීව දත්ත සටහනක්ද අධ්‍යාපනික සුදුසුකම් හා වෘත්තීය සුදුසුකම් පිළිබඳ අදාල සහතිකවල පිටපත්ද ඉදිරිපත් කළ යුතුය.

නේවාසික වීසා බලපත්‍ර නිර්දේශ කිරීම සඳහා අයදුම් කිරීමට පෙර අයදුම්කරු දැන සිටිය යුතු තොරතුරු මොනවාද?

  • වීසා නිර්දේශ සඳහා ඉල්ලීම් වාණිජ අධ්‍යක්ෂ ජනරාල් ආමන්ත්‍රණය කළ යුතු අතර ඒ සඳහා සාධාරණීකරණ ලිපියක්, සම්පූර්ණ කරන ලද ජීව දත්ත සටහනක් හා අධ්‍යාපනික සුදුසුකම් සහ වෘත්තීය සුදුසුකම්වලට අදාල සහතිකවල පිටපත් ඉදිරිපත් කළ යුතුය.
  • නේවාසික වීසා බලපත්‍ර ඉල්ලුම් කිරීමේ ක්‍රියාවලිය කල් වේලා ඇතිව ආරම්භ කළ යුතුය. නේවාසික වීසා අලුත් කිරීම්වලදී, දැනට ඇති වීසා බලපත්‍රය කල් ඉකුත් වීමට අවම වශයෙන් එක් මසකට පෙර ක්‍රියාවලිය ආරම්භ කළ යුතු වේ.
  • නේවාසික වීසා බලපත්‍ර තොරතුරු සම්පූර්ණ කිරීමේදී අයදුම්කරුට අවශ්‍ය පරිදි අතිරේක කඩදාසි භාවිතා කළ හැකි වේ.
  • අදාල අධික අංකය අනුව එක් එක් සහායක ලේඛනය පැහැදිලිව සලකුණු කළ යුතුය. යම් නිශ්චිත හා සුවිශේෂී ඉල්ලීම් කිසිවක් තිබේ නම්, එවැනි ඉල්ලීම් එකින් එක ගෙන සලකා බැලෙනු ඇත.

ප්‍රභව ස්ථාන සහතික නිකුත් කිරීම සඳහා වා.දෙ. නියම කර ඇති කාලරාමුව කුමක්ද?

  • වාණිජ දෙපාර්තමේන්තුවේ රක්ෂණ සහතික ශාඛාව පෙ.ව. 9.00 සිට ප.ව. 12.15 දක්වා සහ ප.ව. 12.45 සිට ප.ව. 3.00 දක්වා, ගෙවීම් කළ රිසිට්පතද සමග නිසි ලෙස සම්පූර්ණ කරන ලද සහතික/ ය අනුමත කිරීම සඳහා භාරගනී.
  • ප්‍රභව ස්ථාන සහතික සාමාන්‍යයෙන් එදිනම නිකුත් කරනු ලැබේ. කෙසේ වෙතත්, ප.ව. 2.30 - 3.30 අතර රක්ෂණ ඔප්පු ශාඛාව වෙත භාර දෙනු ලබන සහතික/ ය පසු දින නිකුත් කෙරෙනු ඇත.
  • ගුවන් මගින් ප්‍රවාහනය කෙරෙන බඩුතොග සඳහා භාරදෙනු ලබන සහතික එදිනම නිකුත් කරනු ලැබේ. කෙසේ වෙතත් තම සහතික ප.ව. 3.30 ප්‍රථමයෙන් භාර දෙන ලෙස අපනයනකරුවන්ට උපදෙස් දෙනු ලැබේ.

ප්‍රභව ස්ථාන සහතිකයක් නිකුත් කිරීම (COO) සඳහා වාණිජ දෙපාර්තමේන්තුව විසින් අය කරනු ලබන ගාස්තු මොනවාද?

ප්‍රභව ස්ථාන සහතිකයක් නිකුත් කිරීම සඳහා අය කරන ගාස්තු පහත සඳහන් පරිදි වේ.

  • ප්‍රභව ස්ථාන සහතිකය සඳහා සමාගම් මූලික ලියාපදිංචි කිරීම - එක් සමාගමක් සඳහා රු. 10,000/- (එක් වරක් පමණක් කරන ගෙවීම)
  • ප්‍රභව ස්ථාන සහතිකය නිකුත් කිරීම - රු. 1000/-
  • ප්‍රභව ස්ථාන සහතිකයක් අවලංගු කර නව සහතිකයක් නිකුත් කිරීම - එක් සහතිකයකට රු. 1000/-
  • ප්‍රභව ස්ථාන සහතිකවල අනු පිටපත් නිකුත් කිරීම - රු. 1000/-
  • ප්‍රභව ස්ථාන සහතිකවල අතිරේක පිටපත් නිකුත් කිරීම - රු500/-
  • ISFTA TRQC-Rs 500/-

ප්‍රභව ස්ථාන සහතිකයක් යනු කුමක්ද ?

ප්‍රභව ස්ථාන සහතිකයක් යනු (COO) අපනයනය කරන නිෂ්පාදන, ප්‍රභවය වූ රටේදී පූර්ණ ලෙස ලබාගත්, නිෂ්පාදනය කරන ලද හෝ සාදන ලද ඒවා බව සහතික කරන ලේඛනයකි. එය සාමාන්‍යයෙන් අපනයන ලේඛනවල අවශ්‍යම කොටසකි. අපනයන නිපැයුම්වල ප්‍රභවය වූ රට පෙන්නුම් කිරීම හැරුණු කොට, ප්‍රභව ස්ථාන සහතිකයක් අපනයනය කරන රටවලට ආනයනය කරන රටවල් වෙතින් නිශ්චිත ආනයන තීරුබදු සහන ලබාගැනීමට හැකියාව ලබා දීම සිදු කරයි.

ශ්‍රී ලංකාවේ GSP ”A” ආකෘති පත්‍ර සහතිකය සහතික කිරීමට බලය පවරනු ලැබ ඇති රජයේ ආයතනය කුමක්ද ?

ශ්‍රී ලංකාවේ GSP “A” ආකෘති පත්‍රය සහතික කිරීම සඳහා බලය පවරනු ලැබ ඇති රජයේ ආයතනය වන්නේ කොළඹ 02, වොක්ෂෝල් වීදියේ, අංක 21 දරණ රක්ෂණ මන්දිරයේ 4 වැනි මහලේ පිහිටි වාණිජ දෙපාර්තමේන්තුවයි.

GSP “A” ආකෘති පත්‍ර සහතිකය ඉදිරිපත් කිරීම සඳහා නියමිත කාලසීමාවක් තිබේද?

වරණීය සැලකුම අවශ්‍ය නම්, එයට හිමිකම් කීම පිණිස, ආනයන කරන රටේ බඩු ලබාගන්නා තැනැත්තා විසින් ප්‍රභව ස්ථාන සහතික “A” ආකෘති පත්‍රයක් නිකුත් කළ දින සිට මාස 10 ක් ඇතුලත තම රටේ රේගු නිලධාරීන් වෙත ඉදිරිපත් කළ යුතු වේ.

වෙළඳ වරණයන් පිළිබඳ පොදු ක්‍රමය (GSP) යටතේ ප්‍රතිලාභ ලබාගැනීමට ඇඟලුම් නිෂ්පාදනවලට අදාල වන්නා වූ විශේෂ ප්‍රභව ස්ථාන නිර්ණායකයන් තිබේද?

ඔව්. GSP ප්‍රභව ස්ථාන පිළිබඳ නීති යටතේ වරණීය සැලකුම් සඳහා වන පහත සඳහන් ප්‍රභව ස්ථාන නිර්ණායක අතරින් එකක් යටතේ ඇඟලුම් නිෂ්පාදන සුදුසුකම් ලැබිය යුතුය.

ද්විත්ව පරිණාමනය

ද්විත්ව පරිණාමන නිර්ණායක යටතේ, ඇඟලුම් නිෂ්පාදන කෙඳි අදියරේ සිට (ගොතන ලද අයිමත සඳහා) සහ නූල් අදියරේ (වියන ලද අයිතම) සිට ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කළ යුතුය. යුරෝපා සංගමය සඳහා රෙදිපිළි නිෂ්පාදන සම්බන්ධයෙන් GSP “A” ආකෘති පත්‍රය සඳහා අයදුම් කිරීම පිණිස අගය එකතු කිරීම සුදුසුකමක් ලෙස සලකනු නොලැබේ. මෙහිදී ආනයනය කරන ලද රෙදි (සාක් රටවලින් හැරුණු කොට) යොදාගෙන ශ්‍රී ලංකාවේදී නිෂ්පාදනය කෙරෙන ඇඟලුම් GSP “A” ආකෘති පත්‍ර සහතිකය ලබාගැනීම සඳහා සුදුසුකම් නොලැබේ.

සාර්ක් සමුච්චිත ප්‍රභවය

සාක් කලාපයේ සාමාජික රටක ප්‍රභවය වන, ආනයනික ද්‍රව්‍ය/ කොටස් යොදාගනිමින් නිෂ්පාදනයක් ශ්‍රී ලංකාවේදී සිදු කෙරේ නම්, එම භාණ්ඩය GSP “A” ආකෘති පත්‍ර සහතිකයට සුදුසුකම් ලබයි. ඒ සඳහා, ද්‍රව්‍ය/ කොටස් සාක් කලාපයේ සාමාජික රටකින් ආනයනය කරන ලද බව සහතික කිරීම පිණිස අපනයනකරු GSP “A” ආකෘති පත්‍ර සහතිකයෙහි පිටපතක් ඉදිරිපත් කළ යුතුය.

ප්‍රදානය කරන රටේ අන්තර්ගත නීතිය

මෙහිදී, යුරෝපා සංගමයේ සාමාජික රටක හෝ නෝර්වේ හෝ ස්විට්සර්ලන්තයේ සිට රෙදි ආනයනය කෙරෙන්නේ නම් හා නිමි නිපැයුම එම රටටම අපනයනය කෙරෙන්නේ නම්, එවිට එම නිමි නිපැයුම, ඇඟලුම් නිෂ්පාදන සඳහා වන GSP “A” ආකෘති ලැබීමට සුදුසුකම් ලබයි. කෙසේ වෙතත්, ප්‍රදානය කරන රටකින් රෙදි ආනයනය කෙරෙන බව තහවුරු කිරීම පිණිස අපනයනකරු EUR ආකෘති පත්‍රයේ පිටපතක් ඉදිරිපත් කළ යුතුය.

පූර්ණ වශයෙන් ලබාගත් නිෂ්පාදන සඳහා GSP “A” ආකෘති පත්‍ර සහතිකයෙහි 8 වැනි කොටුවේ ලිවිය යුතු විශේෂ අකුරක් තිබේද?

ඔව්. පූර්ණ වශයෙන් ලබාගත් නිෂ්පාදන හඳුනාගැනීම සඳහා GSP “A” ආකාති පත්‍ර සහතිකයෙහි 8 වැනි කොටුවේ P අක්ෂරය ලිවිය යුතු වේ. ඕස්ට්‍රේලියාව හා නවසීලන්තය හැරණු කොට වරණය ලබා දෙන සියළු රටවල් විසින් මෙම සටහන පිළිගනු ලැබේ. ඕස්ට්‍රේලියාව හා නවසීලන්තය සඳහා පූර්ණ වශයෙන් ලබාගත් නිෂ්පාදන වෙනුවෙන් 8 වැනි කොටුව හිස්ව තැබිය යුතුය.

වෙළඳ වරණයන් පිළිබඳ පොදු ක්‍රමය (GSP) යටතේ සලකා බැලෙන පූර්ණ වශයෙන් ලබාගත් නිෂ්පාදන මොනවාද?

අපනයනය කරන රට තුළ පූර්ණ වශයෙන්ම වවන ලද, පසින් නිස්සාරණය කරගන්නා ලද හෝ අස්වනු ලෙස නෙලාගත් නිෂ්පාදන හෝ ඔවුන්ගේ නිෂ්පාදනවල ආනයනික යෙදවුම් කිසිසේත් නොමැති වීම.

වෙළඳ වරණයන් පිළිබඳ පොදු ක්‍රමය (GSP) යටතේ ප්‍රභව ස්ථාන නීති තිබීමේ අරමුණ කුමක්ද?

ප්‍රතිලාභ ලබන රටවල්වල නිෂ්පාදනය කෙරෙන භාණ්ඩ හඳුනාගැනීමට හා එම රටේ ප්‍රභවය ලබන නිෂ්පාදන සඳහා පමණක් වරණීය සැලකුම් ලැබෙන බවට සහතික වීම සඳහා ප්‍රභව ස්ථාන නීති පවතී.

වෙළඳ වරණයන් පිළිබඳ පොදු ක්‍රමය (GSP) යටතේ වරණීය සැලකුම සඳහා ප්‍රධාන සලේඛන සාක්ෂිය කුමක් ද?

වෙළඳ වරණයන් පිළිබඳ පොදු ක්‍රමය (GSP) යටතේ වරණීය සැලකුම් ලැබීම සඳහා අවශ්‍ය කෙරෙන ප්‍රධාන සලේඛන සාක්ෂිය වනුයේ, වරණීය සැලකුම් ප්‍රදානය කිරීම පිණිස වරණය ලබාදෙන රටවල් සියල්ලම විසින් ප්‍රභව ස්ථානය පිළිබඳ සාක්ෂිය ලෙස පිළිගනු ලබන ප්‍රභව ස්ථාන පිළිබඳ වරණීය සහතිකය (GSP ‘A’ ආකෘති සහතිකය) වේ. මෙවැනි වරණයන් ලබාගැනීම සඳහා GSP “A” ආකෘති පත්‍රය අපනයනකරු විසින් නිසි ලෙස පිරවිය යුතු අතර එම අපනයනකරුගේ රටේ බලයලත් රජයේ ආයතනය විසින් නිල වශයෙන් සහතික කළ යුතුය.

වෙළඳ වරණයන් පිළිබඳ පොදු ක්‍රමය (GSP) යටතේ භාණ්ඩ ‍තොගයක් සැපිරිය යුතු යම් විශේෂ කොන්දේසියක් තිබේද?

ඔව්. අපනයන කෙරෙන නිෂ්පාදනය ප්‍රතිලාභ ලබන රටේ සිට වරණය ලබාදෙන බව සෘජුවම හෝ වරණය ලබා දෙන රටේ සිට ප්‍රතිලාභ ලබන රටට සෘජුවම, සෘජු ප්‍රවාහනය සම්බන්ධ ලේඛනගත සාක්ෂි සමගම ප්‍රවාහනය කළ යුතු වේ. නිෂ්පාදනය, තෙවැනි රටකට සන්තක ප්‍රදේශයක් හරහා ගමන් කරයි නම්, අපනයනකරු වරණය ලබා දෙන අදාළ රටේ රේගු බලධාරීන් වෙත යාන/ ආයතන නෞභාර පත හැරුණු කොට සාක්ෂි ලේඛනය ඉදිරිපත් කළ යුතු වේ.

වෙළඳ වරණයන් පිළිබඳ පොදු ක්‍රමය (GSP) යටතේ වරණීය තිරුබදු සැලකුම ලැබීම සඳහා සියළුම නිෂ්පාදන සුදුසුකම් ලබන්නේද?

සියළුම නිෂ්පාදන, වෙළඳ වරණයන් පිළිබඳ පොදු ක්‍රමය (GSP) යටතේ වරණීය සැලකුම සඳහා සුදුසුකම් ලබන්නේ නැත. එබැවින් අපනයනකරු තවදුරටත් ඉදිරි කටයුතු කිරීමට ප්‍රථමයෙන්, ඔහු ඉලක්ක කරන වෙළඳපොලේදී වරණය සඳහා ඔහුගේ භාණ්ඩ සුදුසුකම් ලබන්නේද යන්න තීරණය කළ යුතු වේ. මෙය කිරීම සඳහා ඔහු අදාල වරණීය ගිවිසුම යටතේ නිෂ්පාදන ලැයිස්තු පරීක්ෂා කළ යුතු අතර ඔහුගේ භාණ්ඩවල නිශ්චිත තීරුබදු වර්ගීකරණය හා නිෂ්පාදන විස්තරය අනුව ඒවා වරණීය සැලකුම සඳහා සුදුසුකම් ලබන්නේද යන්න තීරණය කළ යුතුය.

වෙළඳ වරණයන් පිළිබඳ පොදු ක්‍රමය (GSP) යනු කුමක්ද?

වෙළඳ වරණයන් පිළිබඳ පොදු ක්‍රමය යනු සංවර්ධනය වන රටවල්වලට ඔවුන්ගේ අපනයන පුඵල් කිරීම මගින් විදේශ විනිමය ඉපැයීම් වැඩි කර ගැනීමට සහාය වීම පිණිස කාර්මික රටවල් විසින් ගන්නා ලද සාමූහික ජාත්‍යන්තර ප්‍රයත්නයක කොටසක් ලෙස 1972 දී ක්‍රියාත්මක කරන ලද සංවර්ධනය වන රටවල් සඳහා වන අනුග්‍රාහක තීරුබදු වරණයන් ක්‍රමයකි.

නම සහ තනතුර  දුරකථන අංකය   විද්යුත් තැපෑල වගකිවයුතු ප්‍රදේශ 
වාණිජ අධ්‍යක්ෂ ජනරාල්    

 සමස්ථ අධීක්ෂණය

ආනන්ද ධර්මප්‍රිය මහතා
වාණිජ අධ්‍යක්ෂ
011 232 9733/                     
ext 310                        
0777 768641
  අංශ ප්‍රධානි (පර්යේෂණ සහ පුහුණු අංශය) 
අමීනා ෂාෆි මොහින් මිය
M.Sc.(Agricultural Economics),PGIA, 
University of Peradeniya,
B. Sc(Agriculture) Specialized in Economics, University of Peradeniya
වාණිජ අධ්‍යක්ෂ
011 232 9734

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

අංශ ප්‍රධානි (බහුපාර්ශවික වෙළඳ සබඳතා අංශය)

නලින්ද විජේරත්න මහතා
වාණිජ අධ්‍යක්ෂ
0760 955 389 This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
අංශ ප්‍රධානි (වෙළඳ ප්‍රවර්ධන අංශය)
සංජීව පට්ටිවිල මහතා
වාණිජ අධ්‍යක්ෂ
0775 977 232 This email address is being protected from spambots. You need JavaScript enabled to view it. අංශ ප්‍රධානි (ප්‍රභවස්ථාන සහතික නිකුත් කිරීම අංශය)
රේඛා මල්ලිකාරච්චි
වාණිජ අධ්‍යක්ෂ
ext 220               
0777 293 079
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.  
සීවලී විජේවන්ත මිය
නියෝජ්‍ය වාණිජ අධ්‍යක්ෂ
ext 317             
0742 771 795
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.This email address is being protected from spambots. You need JavaScript enabled to view it.  
යසෝජි ගුණවර්ධන මිය
සහකාර වාණිජ අධ්‍යක්ෂ
ext 309             
0714 183 460
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.  
භාග්‍යා අබේකෝන් මෙය
සහකාර වාණිජ අධ්‍යක්ෂ
නිවාඩු ලබා ඇත

  This email address is being protected from spambots. You need JavaScript enabled to view it.  
සඳුන් සමීර මහතා
සහකාර වාණිජ අධ්‍යක්ෂ
ext 218             
0769 214 357
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.  
පී.කේ.බෝමවලගේ මිය
සහකාර වාණිජ අධ්‍යක්ෂ
ext 320               
0777 610 600
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.  
සංජීව බණ්ඩාර මහතා
සහකාර වාණිජ අධ්‍යක්ෂ
0715 932 484 This email address is being protected from spambots. You need JavaScript enabled to view it.   
දිලංග හෙට්ටිආරච්චී මහතා
සහකාර වාණිජ අධ්‍යක්ෂ
ext 104              
0715 759 631
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.  

සංඛ්‍යාලේඛ්නඥ
Vacant

  This email address is being protected from spambots. You need JavaScript enabled to view it.  සංඛ්‍යාලේඛ්න අංශය
ජී.ජී.ඩබ්ලිව්.ලක්මාලි මෙය
ගණකාධිකාරි
ext 221              
0707 171 856
This email address is being protected from spambots. You need JavaScript enabled to view it. ගිණුම් අංශය
එච්.ජී.වින්ද්‍යා තුෂාරි මිය
MBM,BSc Sp Hons(IT)
සහකාර අධ්‍යක්ෂ/තොර. හා සං.තා
නිවාඩු ලබා ඇත
  This email address is being protected from spambots. You need JavaScript enabled to view it. තොරතුරු තාක්ෂණ අංශය
චන්දීවරී මල්ලව ආරච්චි මිය
නීති නිලධාරී
නිවාඩු ලබා ඇත
  This email address is being protected from spambots. You need JavaScript enabled to view it.  
නිලීකා කුමාරි මිය
වැ.බ.පරිපාලන නිලධාරි
ext 210              
0714 501 444
  පරිපාලන අංශය

This page is under construction