දැක්ම

"ජාත්‍යන්තර වෙළඳ සම්බන්ධතා තුළින් ජනතාවගේ ජීවන තත්වය උසස් කිරීම"

මෙහෙවර

“සමස්ත නිෂ්පාදන, ආදායම් සහ සේවා නියුක්තිය දියුණු කිරීම තුළින් ජීවන තත්ත්වය නංවාලීම සහ ඉහළ ජීවන තත්ත්වයක් ළඟාකර ගැනීම මගින් ශ්‍රී ලංකාවේ සමස්ත ආර්ථික වර්ධනය සඳහා ක්‍රියාකාරී ලෙස දායකත්වය ලබාදීමේ අරමුණින් යුතුව, රජයේ වෙළඳ ප්‍රතිපත්ති ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීම මගින් ශ්‍රී ලංකාවේ විදේශ වෙළඳ සම්බන්ධතා ද්විපාර්ශ්වික, කලාපීය සහ බහුපාර්ශ්වික මට්ටම්වලින් සංවර්ධනය කිරීම සහ ප්‍රවර්ධනය කිරීම.”

ද්විපාර්ශ්වික, කලාපීය සහ බහු පාර්ශ්වික මට්ටමින් ශ්‍රී ලංකාවේ විදේශීය වෙළඳ සබඳතා වර්ධනය කිරීම හා ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් විදේශීය වෙළඳ ප්‍රතිපත්ති සම්පාදනය හා සියලු සම්බන්ධීකරණ සහ ක්‍රියාත්මක කිරීමේ කටයුතු සඳහා වාණිජ දෙපාර්තමේන්තුව වගකීම දරයි.

ව්‍යුහය

වාණිජ දෙපාර්තමේන්තුව වාණිජ කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු යටතේ පාලනය කරනු ලබන අතර එහි කාර්යභාරය ප්‍රධාන අංශ 4කට බෙදේ. ඒවා නම්, බහු පාර්ශ්වික වෙළද කටයුතු, ද්වි පාර්ශ්වික වෙළඳ සබඳතා, කලාපීය සහයෝගිතාවය, වෙළඳ ප්‍රවර්ධනය වේ.

2017 වසර සඳහා වන ප්‍රධාන ක්‍රියාකාරකම්

  • අමාත්‍ය සහ ජ්‍යෙෂ්ඨ නිලධාරී මට්ටමෙන් WTO සාකච්ඡා විචාරණ සඳහා සහභාගී වීම
  • සංවර්ධනය වෙමින් පවතින රටක් ලෙස හා කුඩා හා අවධානමකින් පෙලෙන රටක් ලෙස ශ්‍රී ලංකාවට විශේෂ සැලකිල්ලක් ලබා ගැනීම සඳහා සාකච්ඡා කිරීම
  • ශ්‍රී ලංකාවේ ප්‍රධාන වෙළඳ පාර්ශවකරුවන්ගේ වෙළඳ ප්‍රතිපත්ති සමාලෝචනයන් අධීක්ෂණය කිරීම
  • තේ, කුරුඳු සහ නිල් මැණික් සඳහා භූගෝලීය දර්ශකයන් ලබා ගැනීම සඳහා වූ සාකච්ඡා
  • ශ්‍රී ලංකාවේ වෙළඳ පාර්ශවකරුවන් ගේ තීරු බදු රහිත සහ සහිත පියවරයන් පිළිබඳ ව්‍යාපාරික ප්‍රජාව දැනුවත් කිරීම
  • ලෝක වෙළඳ සංවිධානය, ආසියාව හා පැසිෆික් කලාප පිළිබඳ ආර්ථික සහ සමාජීය කොමිසම, ජාත්‍යන්තර වෙළඳ මධ්‍යස්ථානය සහ වෙනත් ආයතනයන් ගෙන් මානව සම්පත් සංවර්ධනය සඳහා තාක්ෂණික සහය ලබා ගැනීම
  • ශ්‍රී ලංකාවේ වෙළඳ කටයුතු සඳහා බලපාන වෙනත් රටවල නිදහස් වෙළඳ ගිවිසුම්, වරණීය වෙළඳ ගිවිසුම් සහ ආර්ථික හවුල්කාරීත්ව අවබෝධතා ගිවිසුම් පිළිබඳ නිරන්තර ඇගයීම් කටයුතු සිදු කිරීම
  • ව්‍යාපාරික ප්‍රජාව සඳහා දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වීම
  • ඉන්දියාව සහ පකිස්ථානය අතර අවබෝධතා ගිවිසුම් පිළිබඳ කටයුතු සිදු කිරීම
  • වරණීය සහ නිදහස් වෙළඳ ගිවිසුම්වලින් පැන නැගෙන ගැටලු සමාලෝචන රැස්වීම් පැවැත්වීම
  • චීනය, ඊජිප්තුව, රුසියාව, මැලේසියාව, තුර්කිය, කුවේට් යනාදී රටවල් සමඟ ඒකාබද්ධ කමිටු පවත්වාගෙන යෑම
  • අමෙරිකා එක්සත් ජනපදය සමඟ වෙළඳ හා ආයෝජන රාමු ගිවිසුම ඇතිකර ගැනීම පිළිබඳ කටයුතු කිරීම
  • යුරෝපා සංගමය සමඟ සහයෝගිතාවය ඇතිකර ගැනීමේ කටයුතු
  • නිෂ්පාදන සහ වෙළඳපොළ විවිධාංගීකරණය සඳහා වෙළඳපොළ විමර්ශණ සිදු කිරීම
  • වෙළඳ සල්පිල් සහ ප්‍රදර්ශන සඳහා ශ්‍රී ලංකාවේ සහභාගීත්වය සංවිධානය කිරීම/ සම්බන්ධීකරණය කිරීම
  • අභ්‍යන්තර භාහිර වෙළඳ නියෝජන සංවිධානය කිරීම
  • ශ්‍රී ලංකාවේ සහ විදේශයන්ගෙන් ලැබෙන්නා වූ වෙළඳ විමසුම් සපුරාලීම

Latest News

Sri Lanka: Your Vital Island – A Gateway to Businesses Explored in Antwerp, Belgium

Sri Lanka: Your Vital Island – A Gateway...

දෙසැම්බර් 13 2024
The Embassy of Sri Lanka in Viet Nam hosts a  Tourism Promotional Media Briefing

The Embassy of Sri Lanka in Viet Nam...

දෙසැම්බර් 09 2024
සියලුම පුවත් මෙතැනින්