• ලෝක වෙළඳ සංවිධානය සහ ජාත්‍යන්තර වෙළඳ මධ්‍යස්ථානය විසින් 2005 ඔක්තෝබර් මස කොළඹ දී පුස්තකාල සහ WTO ආශ්‍රිත මධ්‍යස්ථාන පිහිටුවන ලදී. එහි සත්කාරකත්වය දරන ලද්දේ අපනයන සංවර්ධන සහ ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යංශයේ වාණිජ දෙපාර්තමේන්තුවයි. 
  • WTO ආශ්‍රිත මධ්‍යස්ථානය යනු පරිගණක හතරකින් ද, අන්තර්ජාල පහසුකමින් ද, විවිධ මෙවලම් සහ ප්‍රකාශනයන් ගෙන් ද සමන්විත  නවීන තොරතුරු මධ්‍යස්ථානයකි. බහුපාර්ශවීය වෙළඳ පද්ධති හ එහි සම්බන්ධිතයන් පිළිබඳ දැනගැනීමේ අවශ්‍යතාවය ඇති ඕනෑම අයෙකු සඳහා මෙම මධ්‍යස්ථානය විවෘතව පවතී.
  • එය ලොව පුරා ආශ්‍රිත තොරතුරු මධ්‍යස්ථාන 160ක් පමණ පිහිටුවන ලද එක් ජාලගත ව්‍යාපෘතියක කොටසකි. ලෝක වෙළඳ සංවිධානය සහ බහුපාර්ශවීය වෙළඳ පද්ධති පිළිබඳ සෑම අංශයක්ම ආවරණය වන  WTO ආශ්‍රිත මධ්‍යස්ථානයට අමතරව, WTO සාමාජික රටවල් විසින් අවම වශයෙන් සැකසිය යුතු සහ පවත්වාගෙන යායුතු WTO ගිවිසුම් 4 ((TBT, SPS, සේවා, බුද්ධිමය දේපළ) වන ජාතික විමසුම් ලක්ෂ පිළිබඳ උනන්දුවක් දක්වන විශේෂඥයින්ගෙන් උපදෙස් ද ලබාගත හැක. 
  • WTO ආශ්‍රිත මධ්‍යස්ථානය වෙතින් සියලු සේවාවන් නොමිලේ ලබා ගත හැකිය. ඇතුලු වීමේදී විස්තර පතක් පිරවීමෙන් හෝ සිය ඇමතුම් විස්තර දුරකථනයෙන්/විද්‍යුත් තැපෑල් මාර්ගයෙන් ලබා දීමෙන් භාහිර පරිශීලකයන් සිය අනන්‍යතාවය පෙන්විය යුතුය.

Latest News

Sri Lanka: Your Vital Island – A Gateway to Businesses Explored in Antwerp, Belgium

Sri Lanka: Your Vital Island – A Gateway...

දෙසැම්බර් 13 2024
The Embassy of Sri Lanka in Viet Nam hosts a  Tourism Promotional Media Briefing

The Embassy of Sri Lanka in Viet Nam...

දෙසැම්බර් 09 2024
සියලුම පුවත් මෙතැනින්