APTA යටතට අයත් සාමාජික රටවල් මොනවාද?

බංගලාදේශය, චීනය, ඉන්දියාව,කොරියානු ජනරජය,ලාඕසය,මොන්ගෝලියාව සහ ශ්‍රී ලංකාව යන රටවල් සාමාජික රටවල් වේ.

තීරුබදු සහන සඳහා සුදුසුකම් ලබන නිෂ්පාදන මොනවාද? සහ කුමන ප්‍රමාණයක් දක්වා ද?

 
එක් එක් සාමාජික රටවල් විසින් සකසා ඇති ලැයිස්තුවල ඇතුලත් නිෂ්පාදන සඳහා පමණක් තීරුබදු සහන පිරිනමනු ලබයි.
සියලුම සාමාජික රටවල් විසින් පිරිනමනු ලබන නිෂ්පාදන ලැයිස්තු සහ වරණීය සීමාව (Margin of Preference /MOP) පහත සබැඳිය මඟින් ලබා ගත හැක.http://doc.gov.lk/index.php?option=com_content&view=article&id=65&Itemid=194&lang=enn

තීරු බදු සහන ලබා ගැනීම සඳහා ආනයනය කරනු ලබන රටෙහි රේගු අධිකාරීන් වෙත ඉදිරිපත් කළ යුතු ලියවිලි මොනවාද?

වාණිජ දෙපාර්තමේන්තුව (DoC) විසින් නිකුත් කරන ලද ප්‍රභවස්ථාන සහතික පත ඉදිරිපත් කළ යුතු වේ.
වාණිජ දෙපාර්තමේන්තුව විසින් ප්‍රභවස්ථාන සහතික (COO) නිකුත් කරනු ලබන්නේ ප්‍රභවස්ථාන නීති යටතේඇතුලත් නිර්ණායක සමඟ අනුකූල වන නිෂ්පාදන සඳහා පමණි.ඒ සඳහා යොමු වීමට http://doc.gov.lk/images/pdf/our_services/apta/apta_roo.pdf බලන්න.
වාණිජ දෙපාර්තමේන්තුව විසින් ප්‍රභවස්ථාන සහතික නිකුත් කරනු ලබන්නේ ප්‍රභවස්ථාන නීති අංශය සමඟින් සාකච්ඡා කර ඔබේ නිෂ්පාදන තීරුබදු සහන ලබා ගැනීමට සුදුසු ද යන්න පිළිබඳ ඔබට දැනගත හැකි වේ.

 

Latest News

Sri Lanka: Your Vital Island – A Gateway to Businesses Explored in Antwerp, Belgium

Sri Lanka: Your Vital Island – A Gateway...

දෙසැම්බර් 13 2024
The Embassy of Sri Lanka in Viet Nam hosts a  Tourism Promotional Media Briefing

The Embassy of Sri Lanka in Viet Nam...

දෙසැම්බර් 09 2024
සියලුම පුවත් මෙතැනින්