වාණිජ නිලධාරීන් රටවල් කොපමණ සංඛ්‍යාවක ස්ථාපිත කර තිබේ ද සහ ඒ මොනවාද?

වණිජ දෙපාර්තමේන්තුවේ වාණිජ නියෝජනය විදේශීය රටවල් 27 ක ස්ථාපිතව ඇති ශ්‍රී ලංකාවේ දූත මණ්ඩල/තනතුරුවල සේවයේ නියුතු නිලධාරීන් 32 කින් සමන්විත වේ.වැඩි විස්තර සඳහා www.doc.gov.lk වෙත පිවිසෙන්න.

ඔවුන් සම්බන්ධ කර ගැනීම සඳහා ඇමතුම් විස්තර මට ලබා ගත හැකි වන්නේ කෙසේ ද?


වාණිජ දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය වෙත පිවිසී www.doc.gov.lk- අප අමතන්න- විදේශීය /විදේශගත වාණිජ නිලධාරීන්,මඟින් එම විස්තර ඔබට ලබා ගත හැකිය.

ඔවුන්ගේ සහාය මට ලබාගත හැක්කේ කෙසේ ද?


සෘජුව හෝ වාණිජ දෙපාර්තමේන්තුව හරහා ඔවුන් සම්බන්තධ කර ගත හැකිය.

ඔවුන් වගකිවයුතු ප්‍රධාන ක්ෂේත්‍ර මොනවාද?


වාණිජ රාජ්‍ය තාන්ත්‍රික වැඩසටහන යටතේ වාණිජ නිලධාරීන්ගේ ප්‍රධාන කාර්යයන් වන්නේ ශ්‍රී ලංකාවේ අපනයන ප්‍රවර්ධනය,සෘජු විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීම සහ ඔවුන්ගේ සත්කාරක ප්‍රතීනත රට තුළ සංචාරක ප්‍රවර්ධනය වන අතර මීට අමතරව වෙළඳ විමසීම් සහ පැමිණිලි ආදිය පිළිබඳව ද තම සේවාව ලබා දෙයි.

වෙළඳ පැමිණිලි සම්බන්ධවයෙන් විදේශ ප්‍රතිපාර්ශවයන්ට එදරිව ශ්‍රී ලංකාවේ අපනයකරුවන්/ ආනයනකරුවන් වෙනුවෙන් වාණිජ දෙපාර්තමේන්තුවට සහාය විය හැක්කේ කෙසේද?

අදාළ විදේශීය රටතුළ ස්ථාපිත ශ්‍රී ලංකාවේ දූත මණ්ඩල/තනතුරු සමඟ සම්බන්ධීකරණය කිරීම තුළින් විදේශ වෙළඳ හවුල්කරුන් සමඟින් ශ්‍රී ලංකාවේ අපනයනකරුන්ට/ආනයනකරුන්තට ඇති වී තිබෙන වෙළඳ ආරවුල් සාමකාමි විසඳීමට වාණිජ දෙපාර්තමේන්තුව විසින් පහසුකම් සලසා වෙනු ලබයි.
වෙළඳ පැමිණිලි සහ ඊට අදාළ සියලුම උපකාරක ලියකියවිලි This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන ඊමේල් ලිපිනය හරහා හෝ ලියාපදංචි තැපෑලෙන් වාණිජ දෙපාර්තමේන්තුවට යොමු කළ යුුතුය.

ශ්‍රී ලංකාවේ ප්‍රතිපාර්ශවයන්ට එදරිව ලැබෙන වෙළඳ පැමිණිලි සම්බන්ධවයෙන් විදේ පනයකරුවන්/ ආනයනකරුවන් වෙ වාණිජ දෙපාර්තමේන්තුව සහාය වන්නේ කෙසේද?

වෙළඳ ආරවුල සඳහා සාමකාමී විසඳුමක් ලබා ගැනීමට ශ්‍රී ලංකාවේ අදාළ වෙළඳ හවුල්කරුන් සමඟ සම්බන්තධ වී කටයුුතු කිරීම සඳහා විදේශීය පනයකරුවන්/ ආනයනකරුවන් වෙත පහසුකම් සැලසීමට දෙපාර්තමේන්තුවට හැකි වේ.

ශ්‍රී ලංකාවේ අපනයනකරුන්ට සුදුසු විදේශීය ගැනුම්කරුවන් සොයා ගැනීම සඳහා වාණිජ දෙපාර්තමේන්තුවට සහාය විය හැක්කේ කෙසේද?

අපනයනකරු/න්ට සිය සමාගම් පිළිබඳ විස්තර ද සමඟින් ඉල්ලීමක් වාණිජ දෙපාර්තමේන්තුව වෙත ඉදරිපත් කළ හැක. එය ලැබුණු පසු වාණිජ දෙපාර්තමේන්තුව විසින් අවශ්‍ය තොරතුරු ලබාදීමට කටයුුතු කරනු ඇත.
අපනයනකරුන් විසින් ශ්‍රී ලංකාවේ එතෙර දූත මණ්ඩල/තනතුරුවල ස්ථාපිත වාණිජ දෙපාර්තමේන්තුව නිලධාරීන් සෘජුම සම්බන්තධ කර ගැනීමෙන් ද අවශ්‍ය තොරතුරු ලබා ගත හැක.නිලධාරීන්ගේ ඇමතුම් විස්තර දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියේ ඇත.

(http://www.doc.gov.lk/index.php?option=com_content&view=article&id=181&Itemid=220
&lang=en)

 

 

 

 

Latest News

Sri Lanka: Your Vital Island – A Gateway to Businesses Explored in Antwerp, Belgium

Sri Lanka: Your Vital Island – A Gateway...

දෙසැම්බර් 13 2024
The Embassy of Sri Lanka in Viet Nam hosts a  Tourism Promotional Media Briefing

The Embassy of Sri Lanka in Viet Nam...

දෙසැම්බර් 09 2024
සියලුම පුවත් මෙතැනින්