ප්‍රභවස්ථාන සහතික යනු කුමක් ද?
අපනයනකරුවෙකු විසින් නැව්ගත කරනු ලබන භාණ්ඩ අපනයනකරුගේ රවේ ප්රභවය වූ නිෂ්පාදනයක් බවට සහතික කරන ජාත්‍යන්තර වෙළඳ ලේඛනය ප්‍රභවස්ථාන සහතිකය ලෙස හැඳින් වේ.නිෂ්පාදනය සඳහා අමුද්‍රව්‍ය සම්පූර්ණයෙන්ම රටෙන් සපයා ගන්නේ නම් හෝ අපනයනය කරන රට තුළ ප්‍රමාණවත් දේශීය අගය එකතු කිරීමක් සහිතව නිෂ්පාදනය කිරීම, නිමවීම හෝ සැකසීම සිදු කරන්නේ නම් එය ප්රභවස්ථානික ලෙස සැලකේ.ප්‍රභවස්ථාන සහතික වරණීය හෝ වරණීය නොවන යනුවෙන් වර්ග දෙකකට වෙන් කළ හැකිය. යම් වෙළඳ ගිවිසුමකට අනුව යම් භාණ්ඩ තොගයක ප්‍රභවස්ථානය තහවුරු කරමින් ප්‍රභවස්ථාන සහිකයක් නිකුත් කරනු ලැබේ.භාණ්ඩ ආනයනය කරනු ලබන රටෙහි රේගු බලධාරීන් වෙත එම සහතිකය ඉදරිපත් කළ විට, වෙළඳ ගිවිසුමට අනුව, තීරු බදු රහිතව හෝ වරණීය තීරුබදු සහිතව එම භාණ්ඩ තොගය එරට වෙළඳපොළට ඇතුළු කළ හැකිය.මෙම ප්‍රභවස්ථාන සහතික පත් නිකුත් කරනු ලබන්නේ වාණිජ දෙපාර්තමේන්තුව විසිනි.
වරණීය නොවන ප්‍රභවස්ථාන සහතික නිකුත් කරනු ලබන්නේ ආනයනය කරනු ලබන රටක් විසින්ත තීරුබදු සහන ලබා දීම හැර වෙනත් හේතූන් මත ප්‍රභවස්ථාන සහතිකක් ඉල්ලා සිටින විටදී ය. සංඛ්‍යානමය අරමුණු,සෞඛ්‍ය හෝ තාක්ෂණික ප්රමිතීන්,විවිධ රටවල් ඉහළ දණ්ඩනීය තීරුබදු සඳහා මුහුණ දෙන අවස්ථාවක දී ඇතැම් රටවල්වලින් එම රටවල් වෙන්කොට හඳුනා ගැනීම වැනි අවස්ථාවන් හි දී මෙම සහතිකය අදාළ වේ. මෙම වර්ගයේ ප්‍රභවස්ථාන සහතික සඳහා වරණීය තීරුබදු ඇතුලත් වන්නේ නැත.වරණීය නොවන මෙම ප්‍රභවස්ථාන සහතික නිකුත් කරනු ලබන්නේ වාණිජ මණ්ඩල විසිනි.
ප්‍රභවස්ථාන සහතික ලබා ගැනීම සඳහා මට අයදුම් කළ හැක්කේ කුමන රටවල් සඳහාද?
ISFTA, PSFTA, SAFTA යටතේ සියලුම SAARC රටවල්
APTA වෙළඳ ගිවිසුම් යටවත් චීනය,ඉන්දියාව,කොරියාව,බංගලාදේශය සහ ලාඕසය.
GSTP ගිවිසුම යටතේ රටවල් හතළිස් දෙකක්, එනම් ඇල්ජීරියාව,ආර්ජන්ටිනාව,බංගලදේශය,බෙනින්,බොලිවියාව,බ්‍රසීලය,කැමරූන්,චිලී රාජ්, කියුබාව, මහජන ප්රජාතන්ත්රවාදී කොරියානු ජනරජය, ඉක්වදෝරය, ඊජිප්තුව, ඝානාව, ගිනියාව, ගයනාව, ඉන්දියාව, ඉන්දුනීසියාව, ඉරාන ඉස්ලාමීය ජනරජය, ඉරාකය, ලිබියාව, මැලේසියාව, මෙක්සිකෝව,මොරොක්කෝව, මොසැම්බික්, මියන්තමාරය, නිකරගුවාව, නයිජීරියාව, පකිස්ථානය, පේරු, පිලිපීනය, කොරියානු ජනරජය, සිංගප්පූරුව, ශ්‍රී ලංකාව, සුඩානය, තායිලන්තය, ට්‍රිනිඩෑඩ් සහ ටොබැගෝ, ටියුනීසියාව, ටැන්සානියා එක්සත් ජනරජය, වෙනිසියුලාව, වියට්නාමය, සිම්බාබ්වේ සහ මර්කොසුර්.
නිතර අසන පැණ