පෙර බැංකොක් ගිවිසුම ලෙස හඳුන්වන ලද ආසියානු පැසිෆික් වෙළඳ ගිවිසුම 2005 නොවැම්බර් මස 2 වන දින අත්සන් තබා 2006 සැප්තැම්බර් 1 දින බලාත්මක කොට ක්‍රියාත්මක විය. සාමාජික රටවල් (බංගලාදේශය, චීනය, ඉන්දියාව, ලාඕසය, දකුණු කොරියාව සහ ශ්‍රී ලංකාව) බිලියන 2.5 පමණ වූ මුළු ජනගහනය ආවරණය කරන අතර එය සාමාජික රටවල් අතර  අන්තර් කලාපීය වෙළඳාම ඉහළ නැංවීමට සඳහා මනා වෙළඳපොළ අවස්ථාවක් වේ. තෙවන වටයේ සාකච්ඡාවල දී ප්‍රමාණවත් බදු සහන සහ පුළුල් ආවරණයකින් යුතු නිෂ්පාදන ද ඇතුළුව සාමාජික රටවල් අතර පවතින බදු සඳහා වරණීය ආන්තික උපරිම 50% ක් ලබාගත හැකි විය.

APTA යටතේ තෙවන වටයේ බදු සහන 2006 සැප්තැම්බර් මස 1 වන දින සිට බලාත්මක විය. තුන්වන වටය අවසානයේ දී, සහභාගී වූ රටවල් විසින් ඌණ සංවර්ධිත රටවල් සඳහා විශේෂයෙන්ම නිෂ්පාදන 587ක් ද සමඟ නිෂ්පාදන 4,270 ක් හුවමාරු කරගන්නා ලදී. තෙවන වටයට පෙර පැවති  ඌණ සංවර්ධිත රටවල් සඳහා නිෂ්පාදන 112ක් ද සමඟ නිෂ්පාදන 1,721 කි.

ශ්‍රී ලංකාවේ සම්පිණ්ඩිත ජාතික බදු සහන ලැයිස්තුව (පොදු) බදු සීමා 427 ක් ආවරණය කරන අතර ඌණ සංවර්ධිත රටවල් සඳහා පිරිනැමෙන විශේෂිත සහන බදු සීමා 72ක් ආවරණය කරයි.

2006 දී APTA සාමාජික රටවල් වෙත ශ්‍රී ලංකාව සිදුකරන ලද අපනයනයන් වූයේ රබර්, වියලි පොල්, පොල් කොහු, කොප්පරා, පොල් තෙල්, තේ, කරාඹු නැටි සහ බොර ග්ලිසරින් වේ. මෙයට අමතරව ශ්‍රී ලංකාවේ අපනයන නැමියාවක් ඇති නිෂ්පාදන කිහිපයක් සඳහාම සාමාජික රටවලින් තීරු බදු සහන ලබා ගැනීමට ශ්‍රී ලංකාවට හැකි විය. ඒ අතර කුළු බඩු (ගම්මිරිස්, සාදික්කා, වසාවාසි), කජු, සගන්ධ තෙල්, ස්වභාවික මිනිරන්, සක්‍රීය කාබන්, රබර් ආශ්‍රිත නිෂ්පාදන (ටයර්, අත්මේස්, පාපිසි, මුදූ ටයිල්, සෙරමික්, මුළුතැන්ගෙයි උපකරණ/ පිඟන් භාණ්ඩ, වීදුරු භාණ්ඩ, අර්ධ වටිනාකමක් ඇති ගල් වර්ග, මැණික් හා ස්වර්ණාභරණ, පුරවන ලද සෙල්ලම් බඩු, කොසු සහ බුරුසු, කැපූ මල්, පාවහන්, බිස්කට්, චොකලට්, ඇඟළුම්, නැවුම් පළතුරු සහ යුෂ වර්ග, ලී බඩු, මෙට්ට, විදුලි ලාම්පු, විසිතුරු මසුන්, නැවුම්/ ශීතකල මාළු සහ මත්ස්‍ය නිෂ්පාදන වේ.