වෙළඳ ප්‍රතිපත්තිමය මෙහෙවර

  • බහුසංස්කෘතික/ බහුපාර්ශවීය මට්ටමෙන් ක්‍රියාත්මක කිරීම
    • ලෝක වෙළඳ සංවිධානයේ (WTO) සියලුම මට්ටමේ සාකච්ඡා ක්‍රියාවලිය (එනම් තීරණ ගැනීම සහ තාක්‍ෂණික) සඳහා සක්‍රීයව සහභාගීත්වයෙන් සහ ඵලදායී නියෝජනයෙන් ශ්‍රී ලංකාවේ ආර්ථික, වෙළඳ හා වාණිජ අභිරුචියන් ආරක්ෂා කිරීම සහ ප්‍රවර්ධනය කිරීම මෙන්ම පොදු ස්ථාවරයක් ඇතිකර ‌ගැනීම උදෙසා බහුපාර්ශවීය සම්මේලනයන් හි සමාන අදහස් දරණ රටවල් සමඟ සමබන්ධ වීම.
    • ශ්‍රී ලංකාවේ අපනයන සඳහා වරණීය පොදු ක්‍රමය  (GSP) වැනි අන්‍යොන්‍ය නොවන වෙළඳ ගිවිසුම්  යටතේ තීරුබදු සහන ලබා ගනිමින් වෙළඳපොළ ප්‍රවේශය සුරක්ෂිත කිරීම සඳහා සාකච්ඡා පැවැත්වීම.
  • කලාපීය මට්ටමෙන් ක්‍රියාත්මක කිරීම
    • නිදහස් වෙළඳ ගිවිසුම් (FTA) සහ කලාපීය වෙළඳ ගිවිසුම් (RTA) වැනි කලාපීය අන්‍යෝන්‍ය වෙළඳ ගිවිසුම් යටතේ ශ්‍රී ලංකාවේ අපනයන වෙනුවෙන් වරණීය වෙළඳපොළ ප්‍රවේශය සුරක්ෂිත කිරීම සඳහා සාකච්ඡා පැවැත්වීම.
      • සාකච්ඡා යටතට අයත්වන ගිවිසුම් පහත පරිදි වේ.
        • බහු-ආංශික තාක්ෂණික හා ආර්ථික සහයෝගිතාවය පිළිබඳ බෙංගාල බොක්ක ආශ්‍රිත රටවල ප්‍රවේශය (BIMSTEC) . බංගලාදේශය, භූතානය, ඉන්දියාව,මියන්මාරය, නේපාලය, ශ්‍රී ලංකාව හා තායිලන්තය යන රටවල් මීට අයත් වේ.
  • ද්වීපාර්ශවික මට්ටමින් ක්‍රියාත්මක කිරීම.
    • නිදහස් වෙළඳ ගිවිසුම් (FTA) සහ කලාපීය වෙළඳ ගිවිසුම් (RTA) වැනි අන්‍යොන්‍ය ද්වීපාර්ශවික වෙළඳ ගිවිසුම්  යටතේ වරණීය වෙළඳපොළ ප්‍රවේශය අත්පත් කර ගැනීම සුරක්ෂිත කිරීම සඳහා සාකච්ඡා පැවැත්වීම.
      • සාකච්ඡා යටතට අයත්වන ගිවිසුම් පහත පරිදි වේ.
        1. චීන ශ්‍රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුම (CSFTA)
        2. ඉන්දියාව සමඟ ආර්ථික හා තාක්ෂණික සහයෝගිතා ගිවිසුම (ECTA)
        3. ශ්‍රී ලංකාව හා තායිලන්තය අතර නිදහස් වෙළඳ ගිවිසුම (SLTFTA)
        4. බංගලාදේශය හා ශ්‍රී ලංකාව අතර නිදහස් වෙළඳ ගිවිසුම

වාණිජ නියෝජන මෙහෙවර

  • විදේශ වාණිජ නියෝජනය: සත්කාරක රටවලදී ශ්‍රී ලංකාවේ වාණිජ හා ආර්ථික අපේක්ෂා ප්‍රවර්ධනය  හා සුරක්ෂිත කිරීම සදහා වන වාණිජ දෙපාර්තමේන්තුවේ විදේශ වාණිජ නියෝජනය කිරීමේ කාර්යය විදේශීය රටවල් 28 ක එතෙර ශ්‍රී ලංකා දූත මණ්ඩල 31 ක් නියෝජනය කරන නිලධාරීන් 33 න් සමන්විත වේ.
  • ඒකාබද්ධ කමිටු (JCs) / වැඩ කණ්ඩායම් සහ වෙළඳ හා ආයෝජන රාමු ගිවිසුම් (TIFAs) සංවිධානය කිරීම/ සම්බන්ධීකරණය කිරීම.
  • විදේශ අපනයන වෙළඳපොළවල තීරුබදු නොවන පියවර (NTMs) සහ තීරුබදු නොවන බාධක (NTBs) ඇතුළුව තීරුබදු සහ තීරුබදු නොවන ස්වභාවයේ වෙළඳපළ ප්‍රවේශය ආශ්‍රිත වර්ධනයන් අධීක්‍ෂණය කිරීම සහ ශ්‍රී ලංකාවේ අපනයන සඳහා තීරුබදු නොවන පියවරවලට අනුකූල වීමත් සමඟ එවැනි ක්‍රියාමාර්ගවල ඍණාත්මක බලපෑම අවම කිරීම හෝ තුරන් කිරීම සඳහා ද්වීපාර්ශවික, කලාපීය සහ බහුපාර්ශවික මට්ටමින් ඵලදායී හා ප්‍රමාණවත් නියෝජනය මඟින් සම්බන්ධීකරණ ක්‍රියාමාර්ග ගැනීම.
  • ආනයන වෙළෙඳපොළ තුළ වෙළෙඳාම සඳහා නිශ්චිත වෙළඳපොළ ප්‍රවේශය සඳහා වන තාක්ෂණික බාධක (TBT) විසඳීම සඳහා ජාතික මට්ටමින් අවශ්‍ය තාක්ෂණික රෙගුලාසි/ප්‍රමිති/අනුකූලතා ඇගයීම් ක්‍රියා පටිපාටි සකස් කිරීම සහ කලාපීය/ජාත්‍යන්තර ප්‍රමිති සැකසීම් ආයතනවලින් අනුමැතිය/ සහතික ලබා ගැනීම මගින් සම්බන්ධීකරණ ක්‍රියාමාර්ග දියත් කිරීම.

වෙළඳාම පහසුකරණ මෙහෙවර

  • පහත සඳහන් වරණීය ක්‍රමයන් සහ කලාපීය, ද්විපාර්ශවීය සහ නිදහස් වෙළඳ ගිවිසුම් යටතේ අපනයන පහසුකම් සැලැස්වීම සඳහා ප්‍රභවස්ථාන සහතික කඩිනමින් නිකුත් කිරීම.
  1.  වරණීය පොදු ක්‍රමය (GSP)
  2. ගෝලීය වෙළඳ වරණ ක්‍රමය (GSTP)
  3. දකුණු ආසියානු වරණීය වෙළඳ ගිවිසුම (SAPTA)
  4. දකුණු ආසියානු නිදහස් වෙළඳ ගිවිසුම (SAFTA)
  5. ඉන්දු - ශ්‍රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුම (ISFTA)
  6. පකිස්ථාන - ශ්‍රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුම (PSFTA)
  7. ආසියා - ශාන්තිකර වෙළඳ ගිවිසුම (APTA)
  •  නිදහස් වෙළඳ ගිවිසුම් යටතේ ප්‍රභවස්ථාන සහතිකපත් ලබා ගැනීමට සුදුසුකම් ඇතිකර ගැනීම පිළිබඳ උපදෙස් ලබාදීම සහ මඟපෙන්වීම ඇතුළු ප්‍රභවස්ථාන නීති, නිෂ්පාදනය, ක්‍රියාපටිපාටිමය අවශ්‍යතාවයන් ආදිය පිළිබඳ විශේෂඥ උපදෙස් ලබාදීම.
  • ශ්‍රී ලංකාව තුළට සහ පිටතට භාණ්ඩයක් ආනයනය කීරීමේදී හෝ අපනයනය කිරීමේදී අනුකූල වියයුතු සියළුම අවශ්‍යතාවයන්ට අදාළ විමසීමකට පිළිතුරු වශයෙන් තොරතුරු ලබාදෙන, ආයතන 41 ක අපනයන සහ ආනයන ක්‍රියාපටිපාටි පිළිබඳ යාවත්කාලීන තොරතුරු ඇතුළත් “ශ්‍රී ලංකා වෙළඳ බිහිදොර (SLTIP) ” පවත්වා ගැනීම.
  • විදේශීය පාර්ශවයක් සහ ශ්‍රී ලංකාව අතර ඇති වන වෙළඳ ආරවුල් සාමකාමීව විසඳීම සඳහා සහය ලබා දීම.
  • ශ්‍රී ලංකාවේ අපනයන සඳහා ප්‍රතිතෝලන බදු සහ ආරක්ෂණ විමර්ශණ ආනයනිත රටවල් විසින් ආරම්භ කර ඇති අවස්ථාවකදී ඊට අදාළව අපනයනකරුවන්ගේ පිළිතුරු විශ්ලේෂණය කිරීම සම්පාදනය කිරීම සහ ඒ සඳහා  මඟ පෙන්වීම.
  • නිදහස් වෙළඳ ගිවිසුම්, කලාපීය වෙළඳ ගිවිසුම් සහ වරණීය පොදු ක්‍රමය යටතේ වාණිජ නිලධාරීන් ස්ථාපිතව සිටින රටවල ඇති විවිධ වෙළඳපොළ සඳහා ප්‍රවේශ අවස්ථාවන් පිළිබඳ දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණ / වැඩමුළු පැවැත්වීම.
  • අන්තර්ජාතික වෙළදාමෙහි නව වර්ධනයන්ට අදාළ මාතෘකා පිළිබඳ සහ ලෝක වෙළඳ සංවිධානයේ ගිවිසුම් පිළිබඳ විදේශීය සම්පත් දායකයින් සමඟින් පුහුණු වැඩසටහන් / වැඩමුළු කොළඹ සහ ප්‍රාදේශීය නගරයන් හි සංවිධානය කිරීම.
  • විදේශීය වෙළඳපොළ තුළ පවතින තීරුබදු හා තීරුබදු නොවන පියවරයන් සහ එවැනි පියවරයන් මඟින්  ශ්‍රී ලංකාවේ අපනයන්ට වන බලපෑම විශ්ලේෂණය කිරීම මඟින් සැපයුම් පාර්ශවීය බාධා විසඳීම සඳහා උපදෙස් ලබා දීම ද ඇතුළුව විදේශීය රටවල වෙළඳපොළ ප්‍රවේශයට අදාල වර්ධනයන් පිළිබඳ තොරතුරු කලින් කලට හෝ අහඹු ලෙසින් බෙදාහැරීම.
  • පවතින්නා වූ මෙන්ම විභවීය ශ්‍රී ලාංකීය  නිෂ්පාදන සඳහා වෙළඳ පොළ ප්‍රවේශය පිළිබඳ පර්යේෂණ පැවැත්වීම.
  • ආයෝජන මණ්ඩලයට අයත් නොවන විදේශිකයන්ට (Non-BOI) නේවාසික වීසා බලපත්‍ර සඳහා නිර්දේශ ලබා දීම.
  • උකස් පනත යටතේ ණය දෙන ආයතන ප්‍රකාශයට පත් කිරීම.

Latest News

සියලුම පුවත් මෙතැනින්