ප්‍රභවස්ථාන සහතික නිකුත් කිරීම
සබැඳි වෙබ් අඩවි
වාණිජ දෙපාර්තමේන්තුව
- විස්තර
- ප්‍රවර්ගය: Our Services
විදේශ රටවල දූත මෙහෙවරයන්හි ස්ථාපිත වාණිජ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ එහි වාණිජ නියෝජිතවරුන් විසින් විදේශීය වෙළඳපොළ තුල ශ්‍රී ලාංකීය වාණිජ සහ ආයෝජන අභිරුචින් පිහිටු වීමට, ශක්තිමත් කිරීමට සහ පහසුකරණය සඳහා සිය දායකත්වය සපයනු ලැබේ. ව්‍යාපාර ශක්‍යතාවයන් දියුණු කරගැනීමට නිවැරදි විදේශ පාර්ශවකරුවන් සොයා ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ ව්‍යාපාරයන්ට විදේශ වණිජ නියෝජිතයන් සහය වේ. විදේශ වණිජ නියෝජිතයන්ගේ ක්‍රියාකාරකම් අතර
- ගෝලීය වෙළඳපොළ පරිසරය තුල ගැනුම්කරුවන් සොයා ගැනීම සඳහා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ක්ෂේත්‍රය වෙත සහය ලබා දීම
- ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික ප්‍රජාව විදේෂික ව්‍යාපාරික පිරිස හා සම්බන්ධීකරණය කිරීම.
- විශේෂිත වෙළඳපොළ සහ නිෂ්පාදන සඳහා වෙළඳපොළ තොරතුරු සැපයීම.
- ලොව පුරා පැතිර පවතින වෙළඳපොළ ප්‍රවණතාවයන් පිළිබඳ වෙළඳපොළ තොරතුරු සැපයීම, යාවත්කාලීන විශ්ලේෂණ, මග පෙන්වීම් සහ උපක්‍රම, ශ්‍රී ලංකාව ආසන්න ආර්ථික සබඳතා පවත්වාගෙන යන ආර්ථිකයන් හි දේශපාලනික, ආර්ථික සහ ව්‍යාපර තත්ත්වයන් තක්සේරු කිරීම සහ පූරෝකථනය කිරීම.
- විවිධාකාර වෙළඳපොළ තත්ත්වයන් හමුවේ විදේශීය පෞද්ගලික අංශයේ සමාගම්/ ආයතන ක්‍රියා කරන ආකාරය පිළිබඳ අවබෝධයක් ලබා දීමේ අරමුණින් යුතුව ශ්‍රී ලංකික සමාගම් සඳහා උපදේශන හා මගපෙන්වීම් ලබා දීම.
- ශ්‍රී ලංකාවට අයත් උපායමාර්ගික ස්ථානයෙහි වාසි, තරඟකාරී සහ බුද්ධිමත් ශ්‍රම බලකාය, අතිවිශාල කලාපීය සහ ගෝලීය වෙළඳපොළ වෙත ප්‍රවේශ වීමට සුදුසුම ආරම්භක ප්‍රලේපයක් වූ හිතකර ව්‍යාපාරික පරිසරය සඳහා ප්‍රමාණවත් නිරාවරණයක් සහ ප්‍රසිද්ධියක් ලබා දීම.
- ජාත්‍යන්තර වෙළඳපොළ අවශ්‍යතාවන්ට අනුකූල වීමට ශ්‍රී ලාංකික ව්‍යාපාරයන්ට සහාය වීම සහ සුදුසු සබඳකම් ඇතිකර ගැනීමේදීඑ නිවැරදි තීරණ වෙත එළැඹීම් සඳහා සහය වීම.
- විවිධ ව්‍යාපාරික සංචාරවලදී ශ්‍රී ලංකික ව්‍යාපාරික ප්‍රජාව සඳහා ඔවුන්ගේ ජාත්යන්තර පාර්ශවකරුවන් සමඟ ව්‍යාපාර ජාලගත කිරීම් සංවිධානය කිරීම, ව්‍යාපාර ගැලපුම්කරණය සහ අන්තන්තර් ක්‍රියාකාරී සාකච්ඡා සැකසීම/සංවිධානය කිරීම.
- ශ්‍රී ලාංකික ව්යාපාරික ප්‍රජාවේ අවශ්‍යතා වඩාත් හොන්දින් අවබෝධ කරගැනීමට ඔවුන් සමඟ නිරන්තරව සමීපයෙන් කටයුතු කිරීම සහ විදේශීය අවස්ථාවන් පිළිබඳ ඔවුන් යාවත්කාලීන කිරීම.
- අනාගත ව්‍යාපාර අරමුණු සහ දිශාව බාධා කෙරෙන විවිධ ආර්ථිකයන් විසින් TBT සහ SPS පියවර වැනි වක්‍ර වෙළඳපොළ සීමකිරීම් පියවරයන් අවබෝධකර ගැනීමට සහය දැක්වීම සහ ශ්‍රී ලංකාවේ ප්‍රතිතෝලන පියවරයන් සමඟ මේම පියවරයන්ගේ ප්‍රතිඵල අවම කෙරේද යන්න සහතික කිරීම.
- රාජ්‍ය ආයතන සහ පෞද්ගලික අංශයේ ව්‍යාපාරයන්ට ලෝක වෙළඳ සංවිධානයේ අනුග්‍රහය යටතේ බහුපාර්ශවීය වෙළඳ පද්ධති පිළිබඳ සහ අනාගත ගෝලීය වෙළඳාම මත එයින් ඇතිවිය හැකි බලපෑම අවබෝධය ලබා ගැනීමට සහය ලබා දීම.
- වරණීය තීරුබදු, නිදහස් වෙළඳ ගිවිසුම් වැනි වෙළඳාම පහසුකරණ පියවරයන් හඳුනාගනිමින් උද්යෝගී ආයතනයන්ට එයින් ශ්‍රී ලංකාවට අත්කරගත් හැකි ප්‍රතිලාභ පිළිබඳ උපදෙස් ලබා දීම.
- ශ්‍රී ලංකාව අත්සන් තබා ඇති කලාපීය හා ද්වීපාර්ශවීය වෙළඳ ගිවිසුම් මඟින් අත්කර ගත හැකි පුළුල් පරාසයක විහිදුණ ප්‍රතිලාභ පිළිබඳ ප්‍රමාණවත් නිරාවරණයක් සහ ප්‍රචාරණයක් ලබා දීම.
- ශ්‍රී ලංකාවේ අභිරුචිය විදේශයන්හි පවර්ධනය කිරීමට සහ සුරක්ෂිත කිරීම සඳහා වාණිජ මණ්ඩලයන්හි ජ්‍යෙෂ්ඨ මට්ටමේ රාජ්‍ය නිලධාරීන් සහ ව්‍යාපාරික ප්‍රධානීන් ඇතුලත් සෑම උද්යෝගී පාර්ශවයන් සඳහා මනා ජාලගත හමුවන් පවතින් බව සනාථ කිරීම.
- අනාගත ආර්ථික කටයුතුවලට සිදු විය හැකි හානි ඉවත් කිරීම හෝ අවම කිරීම සඳහා වාණිජ දෙපාර්තමේන්තුව ද ඇතුලත් අදාල ආයතන සමඟ තොරතුරු සන්නිවේදනය කර ගැනීම.
- විස්තර
- ප්‍රවර්ගය: Our Services
විදේශිකයන් විසින් ඔවුන්ගේ ව්‍යාපාරික, වෘත්තීය සහ පෞද්ගලික කටයුතු සඳහා ශ්‍රී ලංකාව තුල වැඩි කාලයක් සිටීමට නේවාසික වීසා අයදුම් කරනු ලබයි. ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් නේවාසික වීසා බලපත් ලබාදීම සඳහා අදාල රේඛීය අමාත්‍යංශයන්ගෙන් නිර්දේශයන් අපේක්ෂා කරයි. ලංකාව වෙත පැමිණීම සහ ශ්‍රී ලංකාව තුළ ව්‍යාපාරික කටයුතුවල යෙදීමට, විදේශීය සමාගම්වල සහ වෙනත් වෙළඳ සහ වාණිජ ව්‍යාපාරවල සම්බන්ධීකරණ කාර්යාලවල/ ශාඛා කාර්යාලවල සේවයේ නියුතු විගමණිකයන් සඳහා නේවාසික වීසා බලපත්‍ර නිකුත්කිරීම සඳහා නිර්දේශ ලිපි නිකුත්කිරීමේ බලය කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් වාණිජ දෙපාර්තමේන්තුව වෙත පවරාදී ඇත.
විදේශිකයකු බඳවා ගැනීමට අපේක්ෂා කරන ආයතනයක් හෝ සංවිධානයක් ආගමන හා විගමන දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක් කළ යුතුය. ප්‍රවාසිකයාගේ පැමිණීමට පෙර, නම සහ ජාතිය ද, ශ්‍රී ලංකාව නැවතීමට අපේක්ෂා කරන කාලයද, මෙහෙයුමේ ස්වභාවය යන තොරතුරු අදාල රේඛීය අමාත්‍යංශයේ නිර්දේශයද ලබා දිය යුතුය ඉහත දත්ත ද ඉල්ලීම හා නිර්දේශය ලැබුණ විටදී ආගමන් සහ විගමන පාලක විසින් අදාල රාජ්‍යතාන්ත්‍රික අයාතනයන්ට අයදුම් කරුවන් සඳහා දින 30කින් යුතු ඇතුලත් වීමේ වීසා සහ පැමිණියාට පසු අවුරුද්දක නේවාසික වීසා ලබා ගනීමට උපදෙස් ලබා දෙනු ඇත.
නේවාසික වීසා අලුත්කිරීමේ දී, ඉල්ලුම්කරු විසින් සේවකය ශ්‍රී ලංකාවේ සිටිය යුතු බව සනාථ කිරීමට ප්‍රමාණවත් හේතු සාධක සහිතව ඉල්ලීමක් වාණිජ අධ්‍යක්ෂ ජනරාල්/ලේකම් වෙත ඉදිරිපත් කළ යුතුය. නේවාස වීසා නිකුත් කිරීමේ ක්‍රියා පටිපාටියේ දී, අදාල ප්‍රවාසිකයා ශ්‍රී ලංකාවේ සිටීම අත්‍යවශ්‍ය ද යන්න ඉදිරිපත් කරන ලද කරුණු හා සැසඳීමෙන් පරීක්ෂා කරනු ලබන අතර, එසේ නොමැතිනම් ඕනෑම තත්ත්වයක් යටතේ ශ්‍රී ලංකාවේ පවතින අවම රැකියා අවස්ථාවන්ට යටත් වෙමින් සහ ජාතික ආර්ථික දැක්ම් අනුව අයදුම්කරුවාගේ රැඳීම ප්‍රයෝජනවත් වේ නම් සහ සේවා යෝජකයා විසින් දේශීය වශයෙන් සුදුසු ආදේශකයක් හඳුනා ගැනීම සඳහා සාධාරණීය ප්‍රමාණවත් පරිශ්‍රමයක් දරා ඇත්නම් යන්නට යටත් වෙමින් වාණිජ දෙපාර්තමේන්තුව සිය අවධාඅනය යොමු කරයි.
ඉහත අවශ්‍යතාවයන්ට අනුව නිසි ලෙස සම්පූර්ණ කරන ලද අයදුම්පතක් සති තුනකට පෙරාතුව වාණිජ අධ්‍යක්ෂ ජනරාල් වෙත ඉදිරිපත් කළ යුතුය.
- විස්තර
- ප්‍රවර්ගය: Our Services
ශ්‍රී ලංකාව ප්‍රතිලාභියෙකු හෝ පාර්ශ්වකරුවෙකු වන ජී. එස්. පී. යෝජනා ක්‍රම, නිදහස් වෙළඳ ගිවිසුම් සහ වරණීය වෙළඳ ගිවිසුම් යටතේ ප්‍රභව ස්ථාන සහතික නිකුත් කිරීමේ වගකීම ඇත්තේ වාණිජ දෙපාර්තමේන්තුවටය. ගිවිසුමේ සඳහන් ප්‍රභව ස්ථාන පිළිබඳ නීතිරීතිවලට නිෂ්පාදනයේ අනුකූලතාව සහතික කරමින් ප්‍රභව ස්ථාන සහතික නිකුත් කිරීමෙන් පසුව, තීරුබදු රහිතව හෝ සහනදායී තීරු ගාස්තු අනුපාත සහිතව අදාළ නිෂ්පාදනයට එම වෙළදපොල වලට පිවිසිය හැක.
නිසි පරීක්ෂාවට යටත්ව, වාණිජ දෙපාර්තමේන්තුව සාමාන්‍යයෙන් දිනකට ප්‍රභව ස්ථාන සහතික 500 ක් පමණ නිකුත් කරනු ලැබේ. අපනයන ලේඛන සම්පූර්ණ කිරීම කඩිනමින් සම්පූර්ණ කිරීම සඳහා පහසුකම් සැපයීමේ අරමුණු ඇතිව, වාණිජ දෙපාර්තමේන්තුව සාමාන්‍යයෙන් දිනක් තුළ මෙම ප්‍රභව ස්ථාන සහතික නිකුත් කිරීම සිදු කරයි. මෙම අසීරු කාර්යය සාර්ථකව ඉටුකරලීම සඳහා, අතිරේක වියදමකින් තොරව දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර පාලන පද්ධතිය සුසංවිධිත කර තිබේ. මෙලෙස නිකුත් කරන ප්‍රභව ස්ථාන සහතික 75% කට වඩා යුරෝපීය සංගමයේ ජී. එස්. පී. සහනය යටතේ සිදුවන අතර ප්‍රධාන වශයෙන් යුරෝපා සංගමයට අපනයනය කරනු ලබන ඇඟලුම් නිෂ්පාදන සඳහා වේ.
කලින් කාලය වෙන් කර ගැනීමකින් තොරව, රාජකාරි කාලවේලාව තුළ ඕනෑම අවස්ථාවක ඔබට උපදෙස් ලබා ගැනීම සඳහා සහ කරුණු පැහැදිලි කර ගැනීම සඳහා ඔබේ සේවය සඳහා නිරන්තරයෙන් කැපවුණු නිලධාරී කණ්ඩායමක්, ප්‍රභව සහතික නිකුත් කිරීමේ අංශයට අනුයුක්ත කර සිටී. මෙම වසරේ මුල් මාස නවය තුළ එම එක් නිලධාරියෙකු සාමාන්‍ය වශයෙන් උපදේශන 1000 ක් පමණ සිදු කර තිබේ.
- විස්තර
- ප්‍රවර්ගය: Our Services
වැදගත් වෙළඳ පාර්ශවකරුවන් සමඟ ශ්‍රී ලංකාව ඇතිකරගත් වෙළඳ හා ආර්ථික සහයෝගිතා ගිවිසුම් ආදියෙහි ඒකාබද්ධ ආර්ථික කමිටු සඳහා අදාල කටයුතු සිදු කරන කේන්ද්‍රීය ආයතනය ලෙස වාණිජ දෙපාර්තමේන්තුව ක්‍රියා කරනු ලබයි. ඒකාබද්ධ ආර්ථික කමිටු යටතේ ද්වීපාර්ශවීය වෙළඳ ගිවිසුම් සඳහා තීරණ සැකසීම, සම්බන්ධීකරණය කිරීම හා ක්‍රියාත්මක කිරීම වැනි සියලුම කටයුතු වාණිජ දෙපාර්තමේන්තුව විසින් සිදු කරනු ලබයි.
වෙළඳාම හා සම්බන්ධ කටයුතුවලට අවශ්‍ය තාක්ෂණික සහ ආර්ථික සහයෝගිතාවය දිරිමත් කරමින් එම රටවල් වෙත ශ්‍රී ලංකාවෙන් සිදුකරන අපනයනයන් වර්ධනය කොට විස්තාරණය කිරීමට මෙම ඒකාබද්ධ ගිවිසුම් මඟින් අවස්ථාව සැලසේ.
අමාත්‍ය/ ලේකම් මට්ටමෙන් පවත්වන ලද පහත සඳහා ඒකාබද්ධ කමිටු සඳහා සම්බන්ධීකරණ කටයුතු දෙපාර්තමේන්තුව විසින් සිදු කරනලදී.